තවත් ආසාදිතයින් 20ක් සුවය ලබයි

කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 20 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

 

ඒ අනුව සුවය ලැබූ සමස්ථ ආසාදිතයින් ගණන 3230ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

මේ වන විට මෙරටින් වාර්තා වූ සමස්ථ ආසාදිතයින් ගණන 3363ක් දක්වා ඉහළ ගොස් තිබේ.

තවත් රෝගීන් 120 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබමින් සිටී.

Exit mobile version