ජනපති ගම සමඟ පිළිසඳර වැඩසටහන් මාලාවේ දෙවැනි අදියර අද

අද(02) දිනයේ “ජනපති ගම සමඟ පිළිසඳර” වැඩසටහන් මාලාවේ දෙවැනි අදියර ක්‍රියාත්මක කෙරුණු අතර ඒ
මාතලේ විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හිඹිලියාකඩ ගම්මානය කේන්ද්‍ර කරගනිමින්ය.

එහිදි ජනාධිපතිවරයා විසින් ගම්වාසීන් මුහුණ දෙන ගැටලු පිළිබඳ සොයා බලා ඊට කඩිනම් විසඳුම් ලබා දෙමින් එම ප්‍රදේශයේ සංචාරයක නිරත වන අතර ඒ අනුව අද පෙරවරුවේ හිඹිලියාකඩ නාගවනාරාමය විහාරස්ථානයට පැමිණි ජනාධිපතිවරයා ප්‍රදේශවාසීන් සමඟ ගැටලු සාකච්ඡා කිරීමට කටයුතු කළේය.

එහිදි ජනතාව විසින් ඉදිරිපත් කළ ගැටලුවලට විසඳුම් ලබා දීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ නිලධාරින් මැදිහත් කර ගනිමින් සාකච්ඡා කිරීම ද සිදු කරනු ලැබිය.

Exit mobile version