Home දේශීය පුවත් තෙල් නෞකාව මැදපෙරදිග මුහුදු කලාපයට

තෙල් නෞකාව මැදපෙරදිග මුහුදු කලාපයට

0
තෙල් නෞකාව මැදපෙරදිග මුහුදු කලාපයට

ගිනි ගැනීමට ලක්වූ නිව් ඩයමන්ඩ් නෞකාව මැදපෙරදිග මුහුදු කලාපයට රැගෙන යමින් පවතින බව ශ්‍රී ලංකා නාවික හමුදාව සදහන් කරයි.

 

මුදල් සහ අදාල වන්දි ලබාදීමේ පදනම මත එහි අයිතිකරුවන්ට නෞකාව ඉවත් කර ගැනීමට ඊයේ (02) අවසර ලබාදුනි.

ඒ අනුව නෞකාව ඉන්දියාව දෙසට රැගෙන යමින් පවතින බවට ප්‍රකාශ කළ ද එය මේ වන විට මැදපෙරදිග මුහුදු කලාපයට රැගෙන යමින් පවතින බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් අදාල නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් ජාත්‍යන්තර මුහුදු සීමාව පසුකර යාමට තවත් දින 3 ක පමණ කාලයක් ගත වනු ඇති බව ද ඔහු පැවසීය.

මැද පෙරදිග කලාපයේ නැංගුරම් දැමීමෙන් පසු මෙහි ඇති ඉන්ධන වෙනත් නෞකාවකට මාරු කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාව ආසන්නයේදී ගිනි ගැනීමට ලක්වූ නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න නිවීම සඳහා වැය වූ මුදල සහ නෞකාවෙන් කාන්දු වූ ඉන්ධන හේතුවෙන් සිදුවූ පරිසර දූෂණයට අදාල වන්දි ගෙවීමට නෞකාව හිමි සමාගම එකඟතාව පළ කර තිබුණි.

රුපියල් මිලියන 442 ක මුදලක් ශ්‍රී  ලංකා රජයට ගෙවීම සඳහා එම සමාගම එකඟතාව පළ කළ බව නීතිපති දෙපාර්තමේන්තුව පසුගියදා ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version