Home දේශීය පුවත් මෙරටට නීතිවිරෝධීව ආනයනය කළ රථ වාහන රේගු භාරයට

මෙරටට නීතිවිරෝධීව ආනයනය කළ රථ වාහන රේගු භාරයට

0
මෙරටට නීතිවිරෝධීව ආනයනය කළ රථ වාහන රේගු භාරයට

මෙරටට නීතිවිරෝධී ලෙස ආනයනය කළ රථ වාහන 300කට අධික  සංඛ‍්‍යාවක් රේගු භාරයට ගෙන තිබේ.

 

රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසුවේ පසුගිය මාස කිහිපය තුළ එම රථ වාහන මෙරටට ආනයනය කර ඇති අතර ඒවායේ ණයවර ලිපි නිසි කළට විවෘත කර නොමැති බවයි.

රට තුළ පැවැති වාතාවරණය තුළ අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීම රජය විසින් සීමා කරන ලදි.

ඒ අතර වාහන ආනයනය නොකිරීම මුල් තැනක් ගත් බව ද සුනිල් ජයරත්න මහතා ප්‍රකාශ කළේය.

එවැනි වාතාවරණයක් තුළ රජයේ සේවකයින්ට ලබාදී ඇති තීරුබදු රහිත පහසුකම යටතේ මෙරටට ආනයනය කළ සුඛෝපබෝගී මෝටර් රථ කිහිපයක් ද ඒ අතර වන බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දුන්නේය.

මේ පිළිබඳ පරික්ෂණ බොහෝදුරට අවසන් කර ඇති බව පැවසූ සුනිල් ජයරත්න මහතා කියා සිටියේ රට තුළ පවතින නීතිමය තත්ත්වය තුළ එම රථ වාහන රාජසන්තක කිරීමට පවා සිදු විය හැකි බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version