ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට අද රැස්වීමක්

අද(05) දිනයේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් පැවැත්වීමට නියමිත අතර
අද පස්වරු 5.30ට ජනාධිපති කාර්යාලයේ දී මෙම රැස්වීම පැවැත්වෙන බව වාර්තා වෙයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම පැවැත්විමට නියම්තයි.

මෙහිදී 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සහ පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත අතර එමෙන්ම ඉදිරි දේශපාලනික කටයුතු සම්බන්ධයෙන් ද මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරෙන බව වාර්තා වෙයි.

මෙම රැස්වීමට සහභාගී වන ලෙස ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබේ.

Exit mobile version