විකිලීක්ස් නිර්මාතෘ ජුලියන් අසාන්ජ් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව තවදුරටත්

බ්‍රිතාන්‍යයේ වෙස්ට්මින්ස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කර අැත්තේ විකිලීක්ස් නිර්මාතෘ ජුලියන් අසාන්ජ් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව තවදුරටත් බල පැවැත්වෙන බවයි.

2012 වසරේ දී ලන්ඩන් නුවර එක්වදෝර් තානාපති කාර්යාලයේ දේශපාලන සරණාගතභාවය පැතීම හේතුවෙන් ජුලියන් අසාන්ජ්ට එරෙහිව අදාළ වරෙන්තුව නිකුත් කෙරිණි.

මෙම වරෙන්තුව නිකුත් කළ අරමුණ නැති වී ගොස් ඇති හෙයින් එය ඉවත් කර ගන්නා ලෙසට අසාන්ජ් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලීමක් කර අැත.

Exit mobile version