පාර්ලිමේන්තු සැසිවාර පැවැත්වීම ගැන තීරණය අද

තවදුරටත් පාර්ලිමේන්තු සැසිවාර පැවැත්වීම සම්බන්ධයෙන් අද(07) දිනයේ අවසන් තීරණයක් ගැනීමට නියමිතයි.

 

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ, අද පැවැත්වෙන විශේෂ පක්ෂ නායක රැස්වීමේ දී අදාළ තීරණය ගැනීමට නියමිත බවයි.

කොවිඩ් – 19 වසංගත ව්‍යාප්තිය හේතුවෙන් රට තුළ හටගෙන ඇති වතාවරණය නිරික්ෂණය කරමින් පාර්ලිමේන්තු සභාවාර අඛණ්ඩව පවත්වාගෙන යාමට ඊයේ (06) රැස්වු පාර්ලිමේන්තු කටයුතු පිලිබඳ කාරක සභාව තීරණය කළේය.

එහෙත් ඒ පිළිබඳ අවසන් තීරණය අද පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී ගැනීමට පක්ෂ නායකයින් තීරණය කර ඇත.

Exit mobile version