කටුනායක ගුවන්තොටුපළේ සේවිකාවකටත් කොරෝනා

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පිරිසිඳු කිරීමේ අංශයේ සේවයේ නියුතු සේවිකාවකට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වි තිබේ.

ගුවන්තොටුපළ සහ ගුවන්සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි මහතා එය තහවුරු කළේය.

හලාවත ප්‍රදේශයේ පදිංචි එම 50 හැවිරිදි සේවිකාව රෝගී තත්ත්වයකින් පෙළෙන බවට තොරතුරු වාර්තාවීමත් සමග ඇය මීගමුව මහ රෝහල වෙත ඊයේ (06) දින සවස ඇතුළත් කර PCR පරීක්ෂණයකට ලක් කර තිබුණි.

එම පරීක්ෂණ ප්‍රතිඵල අනුව ඇයට කොවිඩ් -19 වැළදී ඇති බව සනාථ වුව ද අද (07) උදෑසන ද යළිත් ඇය මීගමුව රෝහලේ දී PCR පරීක්ෂණයකට ලක් කර තිබේ.

එම පරීක්ෂණයෙන් ද ඇයට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

මේ වනවිට මෙම සේවිකාව මීගමුව මහ රෝහලේ සිට වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සදහා කොළඹ IDH රෝහල වෙත මාරු කර යවා තිබේ.

ඒ අනුව කටුනායක ගුවන් තොටුපළ තුළ ඇය සමීපව ඇසුරු කළ සේවක සේවිකාවන්ගේ PCR පරීක්ෂණ සදහා සෙම පටල ලබා ගැනීම ආරම්භ කළ බව කටුනායක ගුවන්තොටුපළේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී චන්දික බණ්ඩාර වික්‍රමසූරිය පැවසීය.

Exit mobile version