ගම්පහ දිස්ත්‍රික්කයේ ඔන්ලයින් ක්‍රමයට ඖෂධ බෙදා හැරිමට පියවර

ඔන්ලයින් ක්‍රමයට පුද්ගලික ඔසු සැල් හරහා ගම්පහ දිස්ත්‍රික්කය තුළ ඖෂධ බෙදා හැරීමේ වැඩපිළිවෙළක් අද සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙයි.

 

සෞඛ්‍ය අමාත්‍යාංශයේ health.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගත හැකි බව එහි බෝ නොවන රෝග ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ මහත්මිය සඳහන් කළාය.

Exit mobile version