මර්වින් ජනාගේ සමීපතමයෙකු ගල්කිස්සේ දී අත්අඩංගුවට

බන්ධනාගාර ගතව සිටින මත්ද්‍රව්‍ය ජවාරම්කරුවෙකු වන මර්වින් ජනා නැමැත්තාගේ සමීපතමයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

ගල්කිස්ස ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි නුවන් ලක්ෂිත නම් පුද්ගලයෙකි.

රුපියල් මිලියන 43කට අධික මුදල් ප්‍රමාණයක් එම සැකකරුට අයත් බැංකු ගිණුමෙන් සංසරණය වි ඇති බවට අනාවරණය වී තිබේ.

සැකකරු අද(09) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Exit mobile version