මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

රටපුරා ව්‍යාප්ත වි තිබෙන කොරෝනා වෛරසය හේතුවෙන් රට තුළ උද්ගතව ඇති අවදානම් සහගත තත්ත්වය මත 2020 ඔක්තෝබර් 12වන දින සිට 2020 ඔක්තෝබර් 16 දින දක්වා තවදුරටත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට කාර්යාලය හා වේරහැර කාර්යාලය මහජනතාව සඳහා විවෘත නොකෙරෙන බව දැනුම්දෙයි.

 

මේ හේතුවෙන් සේවාලාභීන් පත්වන අපහසුතාවය ගැන කණගාටුව පළ කරන බව නිවේදනයක් නිකුත් කරමින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් සී. කේ. අලහකෝන් මහතා පවසයි.

Exit mobile version