චීනයෙන් මෙරටට රුපියල් බිලියන 16.5ක මූල්‍යාධාරයක්

මහජන චීන සමූහාණ්ඩුව විසින් මෙරටට යුවාන් මිලියන 600ක මූල්‍යාධාරයක් ලබාදී තිබේ.

 

නිවේදනයක් නිකුත් කරමින් මෙරට චීන තානාපති කාර්යාලය පවසන්නේ, එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 16.5ක් වන බවය.

මෙම ආධාර මුදල පශ්චාත් කොවිඩ් කාලසීමාව තුළ ග්‍රාමීය පළාත් තුළ වෛද්‍ය පහසුකම් ලබාදීම, අධ්‍යාපනය හා ජල සම්පාදනය ආදී මූලික කාරණ සඳහා භාවිත කිරීමට එකඟතාව පළ වී ඇති බව චීන තානාපති කාර්යාලය සඳහන් කළේය.

ශ්‍රී ලංකාව සහ චීනය අතර ආර්ථික හා තාක්ෂණික සහයෝගීතාව පිළිබඳ ගිවිසුමක් චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා ආයතනයේ සභාපති, වන් ශියාඔටාඕ සහ මහාභාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා පසුගිය 9 වැනි දා අත්සන් කර තිබේ.

Exit mobile version