මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් තවත් රෝගීන් 51ක් වාර්තා වෙයි

අද(12) දිනයේ මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් තවත් රෝගීන් 51ක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේය.

 

ඉන් 15 දෙ‍ෙනකු නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගෙන ඇති අතර අනෙක් 36 දෙනා මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල් සේවකයන්ගේ සමීපතමයන් වන අතර මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට අයත් ආසාදිතයින් ගණන 1397ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Exit mobile version