Home දේශීය පුවත් විශ්වවිද්‍යාල විද්‍යාගාර වලත් පීසීආර් පරීක්ෂණ සිදුකිරිමට පියවර

විශ්වවිද්‍යාල විද්‍යාගාර වලත් පීසීආර් පරීක්ෂණ සිදුකිරිමට පියවර

0
විශ්වවිද්‍යාල විද්‍යාගාර වලත් පීසීආර් පරීක්ෂණ සිදුකිරිමට පියවර

විශ්වවිද්‍යාල කිහිපයක විද්‍යාගාර තුළ ද PCR පරීක්ෂණ සිදුකිරීමට පියවර ගෙන ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සදහන් කළේය.

 

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා කළ ලිඛිත ඉල්ලීමකට අනුව, එම පියවර ගත් බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේය.

එම ඉල්ලීම සියලු විශ්වවිද්‍යාලවල උප කුලපතිවරුන්ට දැනුම් දීමෙන් පසු ඔවුන් සියලු දෙනා ඊට සිය කැමැත්ත පළ කර ඇති අතර ඒ අනුව, අද සිට ශ්‍රී ජයවර්ධනපුර, අග්නිදිග, කොළඹ, සහ යාපනය විශ්වවිද්‍යාලවලදී PCR පරීක්ෂණ සිදුකිරිමට නියමිතයි.

සාම්පල ලද විගස පරික්ෂණ සිදුකිරිමට සියලු කටයුතු සුදානම් බව ද මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version