Home දේශීය පුවත් දරිද්‍රතාව තුරන් කිරීම පිළිබඳ ජාත්‍යන්තර දිනය අදයි

දරිද්‍රතාව තුරන් කිරීම පිළිබඳ ජාත්‍යන්තර දිනය අදයි

0
දරිද්‍රතාව තුරන් කිරීම පිළිබඳ ජාත්‍යන්තර දිනය අදයි

දරිද්‍රතාව තුරන් කිරීම පිළිබඳ ජාත්‍යන්තර දිනය අද වන අතර 1992 පළමුවරට එම දිනය ප්‍රකාශයට පත් කර තිබේ.

 

මෙම දිනය ප්‍රකාශයට පත් කිරීමේ අරමුණ වන්නේ දිළිඳු බවට ගොදුරු වී ඇති ලෝක ජනතාවගේ දරිද්‍රතා ගැටලු අවම කිරීම සඳහා අවදානය යොමු කිරීමයි.

මේ අතර නිවේදනයක් නිකුත් කරන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ, රටේ දරිද්‍රතාව අඩුවන පරිදි සියලු අංශයන්හි සංවර්ධන පැතිකඩයන් නව මාවතක් ඔස්සේ රැගෙනයාමට කටයුතු කරන බවයි.

දේශීය නිෂ්පාදන නගා සිටුවීම , රැකියා ලක්ෂයේ වැඩපිළිවෙළ හා කර්මාන්ත හා සේවා අංශය නගා සිටුවීම මේ යටතේ සිදු කෙරෙන බවද අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

මේ අතර අමාත්‍යවරුන් කමිටු ලෙස සංවිධානගත වී ජනතා ප්‍රශ්න විසදීමට මැදිහත් වීම කෙරෙහි අවදානය යොමු වී ඇති බව ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය පවසයි.

ඒ අනුව සමාජ යටිතල පහසුකම් හා සංවර්ධන කමිටුව /ජීවනෝපාය සංවර්ධන කමිටුව /දේශීය නිශ්පාදන කර්මාන්ත වැඩි දියුණු කිරීමේ සංවර්ධන කමිටුව /ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන කමිටු ලෙස අදාළ වැඩසටහන් සෑම දිස්ත්‍රික්කයකම ක්‍රියාත්මක වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version