රාජ්‍ය මාධ්‍ය ආයතනයේ සේවකයාට කොරෝනා නැ

රාජ්‍ය මාධ්‍ය ආයතනක සේවකයකු හට කොරෝනා නොමැති බවට ඊයේ දින කරන ලද දෙවන PCR පරීක්ෂණයෙන් අනාවරණය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුව සදහන් කර තිබේ.

 

අදාළ මාධ්‍යවේදියා 2020.10.13 වන දින කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ අතර එදින මාධ්‍ය හමුවට සහභාගී වූ මාධ්‍යවේදීන් හට බාහිර සමාජ සමග ආශ්‍රිතයන් නවතා හුදකලා වී නිවෙස් වලට වී සිටින ලෙස රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයා ඊයේ දන්වා තිබිණි.

Exit mobile version