අපනයන භාණ්ඩ ඇසුරුමක තිබූ සජීවී කොවිඩ් සාම්පලය

සජීවී නව කොරෝනා වෛරස සාම්පලයක් අපනයන භාණ්ඩ ඇසුරුමක තිබී හදුනාගැනීමට චීන වසංගත රෝග පාලන මධ්‍යස්ථානය සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

මෙම සුවිශේෂී සොයාගැනීම සිදුකර ඇත්තේ එරට ක්වින්ඩාවෝ නගරයෙන් පසුගිය දින කිහිපයේදී කොවිඩ් ආසාදිතයින් කිහිපදෙනෙකුම හදුනාගැනීමෙන් පසුව සිදුකළ පර්යේෂණයකින් අනතුරුව වන අතර වෛරසය හදුනාගෙන ඇත්තේ ශීත තත්ත්වයෙන් පැවති භාණ්ඩ ඇසුරුමක් මත තිබියදීය.

බලධාරීන් විශ්වාසය පළකරන්නේ වෛරසය පවතින එම පෘෂ්ඨ ස්පර්ශකිරීමෙන් ඔවුන් මෙසේ රෝගී වන්නට ඇති බවය.

භාණ්ඩ ඇසුරුමක් මත තිබී සජීවී නව කොරෝනා වෛරසය සොයාගත් ලොව පළමු අවස්ථාව මෙය බවද චීන සෞඛ්‍ය අංශ සදහන් කර තිබේ.

Exit mobile version