නවසීලන්ත පාර්ලිමේන්තුවට තේරි පත්වූ ලාංකික සම්භවයක් ඇති වනුෂි

නවසීලන්ත පාර්ලිමේන්තුව නියෝජනය කිරිමට ශ්‍රී ලාංකික සම්භවයක් ඇති වනුෂි වොල්ටර්ස් ට අවස්ථාව උදා වී තිබේ.

 

ජසින්ඩා ආර්ඩන් අගමැතිවරියගේ කම්කරු පක්ෂය නියෝජනය කරමින් ඇයට මෙම අවස්ථාව උදා විය.

නවසීලන්තයේ වයඹ දිග ඕක්ලන්ඩ් හී ඉහළ වරාය ප්‍රදේශය ජයගනිමින් මෙලෙස ඇයට පාර්ලිමේන්තු වරම් හිමිවු අතර  ජාතික අපේක්ෂකයෙකු ලෙස මෙම මැතිවරණයට ඉදිරිපත් වූ හිටපු තාක්ෂණික විධායක ප්‍රධානියෙකු මෙන්ම හැමිල්ටන් හී ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ ජේක් බෙසන්ට්ව පරාජය කරමින් වනුෂි මෙලෙස නවසීලන්ත පාර්ලිමේන්තුවේ අසුනක් දිනා ගත්තා ය.

වනුෂි වෘත්තීයෙන් මානව හිමිකම් පිළිබඳ නීතිවේදිනියක වන අතර මානව හිමිකම් කොමිසමේද සාමාජිකාවකි.

Exit mobile version