ජනපති හා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් අද(19) පස්වරු 06.30ට ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතව ඇත.‍‍

 

මේ අතර ලබන 21 සහ 22 යන දිනයන්හී දි පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබඳ සාකච්ඡාවක් ඊයේ(18) පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

Exit mobile version