Home දේශීය පුවත් පාඨලීගේ නඩුවේ සාක්ෂි විභාගය මාර්තු 4වැනිදට

පාඨලීගේ නඩුවේ සාක්ෂි විභාගය මාර්තු 4වැනිදට

0
පාඨලීගේ නඩුවේ සාක්ෂි විභාගය මාර්තු 4වැනිදට

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකර තරුණයෙකුට බරපතල තුවාල සිදු කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට අද (21) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දී ඇත.

 

කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා ඉදිරියෙහි එම අධිචෝදනා පත්‍ර භාර දීම සිදුකර තිබේ.

ඉන් අනතුරුව විත්තිකරු රුපියල් 10,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කර ඇත.

නඩුවේ සාක්ෂි විභාගය මාර්තු මස 4වනදා සිදුකිරීමට නියෝග ලබා දී ඇති අතර එදින සාක්ෂිකරුවන් පස්දෙනෙකුට අධිකරණ හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත්කර තිබේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version