අතිපූජ්‍ය බෙල්ලන්විල විමරතන ස්වාමීන් වහන්සේ ජාතියට සමුදෙයි

අපවත්වී වදාළ අතිපූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය ඊයේ (08) සවස රාජ්‍ය අනුග්‍රහය සහිතව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ක්‍රීඩාංගණයේ දී සිදු කළේය.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය හා අන්‍යාගමික පූජ්‍ය පක්ෂය සහභාගිත්වයෙන් හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය, යන මහත්වරු ඇතුළු දේශපාලන නියෝජිතවරු, විශ්වවිද්‍යාල ආචාර්යවරු, සිසු සිසුවියන්, ඇතුළු අතිවිශාල ජනතාවක් සහභාගී විය.

අතිපුජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියෝ සංඝ පීතෘවරයකු ලෙස ශ්‍රී ලාංකික ජනතාවගේ උන්නතිය වෙනුවෙන් මඟ කියා දෙමින් යුග මෙහෙවරක් ඉටු කළහ. සියලු ජාතීන්ගේ සුබ සිද්ධිය වෙනුවෙන් නිරන්තරයෙන් සමාජය අවධි කළහ.

අධ්‍යාපනික වශයෙන් ද සුවිසල් මෙහෙවරක නිරත වූ හිමිනමක් වන අතර උන් වහන්සේ බෞද්ධ දර්ශනයෙන් සාමය හා සංහිඳියාව ගොඩනැගීම සඳහා නිරන්තරයෙන් කැප වූ අතර ශ්‍රී ලංකාවේ පමණක් නොව ජාත්‍යන්තරයේ ද මහත් ගෞරවයට පත්‍ර ව සිටියහ.

Exit mobile version