20ට පක්ෂ වූ අරවින්ද් කුමාර්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සඳහා ඊයේ පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්දය භාවිත කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද් කුමාර්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට දෙමළ ප්‍රගතිශීලී සන්ධානය පියවර ගෙන තිබේ.

 

එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් සඳහන් කළේ ඉදිරියේදී දේශපාලන මණ්ඩලය රැස්කර ඔහුව පක්ෂයෙන් ඉවත් කිරීමට ද පියවර ගන්නා බවයි.

Exit mobile version