මිහින්තලා පුදබිමේ ප්‍රතිසංස්කරණ කටයුතු ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

ඓතිහාසික මිහින්තලා පුදබිමේ මිහිඳු මහා සෑය, මිහිඳු ලෙන් සෙනසුන සහ ධාතු මන්දිරයේ ප්‍රතිසංස්කරණ කටයුතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භකර තිබේ.

 

ඊයේ(24) මිහින්තලා පුදබිමට පැමිණි ජනාධිපතිවරයා ධාතු මන්දිරය වැඳ ආශිර්වාද ලබාගත් අතර බැතිමතුන්ගේ වන්දනාමාන පහසුවට සුදුසු පරිදි ධාතූන් වහන්සේ තැන්පත්කර ඇති මන්දිරය ප්‍රතිසංස්කරණය කිරීමට ද උපදෙස් ලබා දී තිබේ.

එහිදී මිහිඳු මහරහතන් වහන්සේගේ පළමු පාදස් පර්ශය සිදුවූ ස්ථානය සේ සැලකෙන “චන්ද්‍රකාන්ති පාෂාණය” පිහිටි සේල චෛත්‍ය මළුවේ ඉදිකෙරුණු මිහිඳු පිළිරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නිරාවරණය විය.

මිහිඳු මහා සෑයේ පෞරාණිකත්වය ආරක්ෂාවන අයුරින් ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර ඇති අතර එම කටයුතු ලබන පොසොන් පොහොයට පෙර අවසන් කිරීමට සැළසුම්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මේ සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව සහ නාවික හමුදාව ශ්‍රම දායකත්වය ලබාදෙන බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවසීය.

Exit mobile version