ඇඳිරිනීතිය කඩකළ පුද්ගලයින් 165ක් අත්අඩංගුවට

ගතවු පැය 24 තුළ නිරෝධායන ඇඳිරිනීතිය කඩකළ පුද්ගලයින් 165 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

අදාළ කාලය තුළ රථවාහන 30ක් ද පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

නිරෝධායන ඇඳිරිනීතිය පැනවු ඔක්තෝබර් 04 වන දා සිට පුද්ගලයින් 924 දෙනෙකු සහ රථවාහන 140ක් පොලිස් භාරයට ගෙන ඇත.

Exit mobile version