රාජකාරි හැදුනුම්පත ඇඳිරි නීති බලපත්‍රය ලෙස භාවිත කළ හැකි ආයතන

ඇඳිරි නීතිය පනවා ඇති කාලසීමාව තුළ සිය සේවා හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රය ලෙස භාවිත කළ හැකි රාජ්‍ය ආයතන ඇතුළු ආයතන කිහිපයක් නම් කරමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

 

ඊට රාජ්‍ය ආයතන ඇතුළු ආයතන 84 ක් ඇතුළත් වන අතර ඒ පිළිබඳව වැඩබලන පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු සියලු පොලිස් ස්ථාන දැනුවත් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශන නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ, ජනාධිපති කාර්යාලය, අග්‍රමාත්‍ය කාර්යාලය, අධිකරණ අමාත්‍යංශය සහ සියලු මාධ්‍ය ආයතන ඇතුළු ආයතනවල සේවකයින්ට, මෙලෙස සිය සේවා හැදුනුම්පත ඇඳිරිනීති බලපත්‍රයක් ලෙස භාවිත කළ හැකි බවයි.

 

 

 

Exit mobile version