ක්ෂණික ඇඳිරිනීති බලපත්‍ර නිකුත් කිරිමේ නව ක්‍රමවේදය

ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල, නිෂ්පාදන කටයුතු හා කර්මාන්තශාලා පවත්වාගෙන යෑම සඳහා ක්ෂණික බලපත්‍ර ලබා දීමට තීරණය කර තිබේ.

 

ඒ අනුව අදාළ බලපත්‍ර ලබා ගැනීම සඳහා අයදුම් පත්‍රයක ආකෘතියක් සකස් කර ඇති අතර, එය secretary@mws.gov.lk යන විද්‍යුත් තෑපෑලට යොමුකිරීම මගින් ඇඳිරිනීති බලපත්‍රය පහසුවෙන් ලබාගත හැකිය

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හෝ අපනයන මණ්ඩලයේ අනුමත කර්මාන්ත ශාලා මෙන්ම, ඉදිකිරීමේ කටයුතුවල නිරත ආයතන, ධීවර, කෘෂිකාර්මික හා වැවලි ක්ෂේ්‍රයන්හී නිරත කර්මාන්ත ඇතුළු වෙනත් නිශ්පාදනවල යෙදෙන කර්මාන්ත ශාලා පවත්වාගෙන යාමට මෙමගින් පහසුකම් සැලසෙනු ඇත.

අද(02) පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.

Exit mobile version