පළාත් කිහිපයකට අද ගිගුරුම් සහිත වැසි

උතුරු, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස 2.00 න් පසුව තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී 100ක පමණ තද වැසි ඇති විය හැකිය.

මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Exit mobile version