ශ්‍රී ලංකාව සහ චෙක් සමූහාණ්ඩුව අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි

ආර්ථික ඇතුලු ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීමට රාමුවක් සකස් කිරිමේ අරමුණින් ශ්‍රී ලංකාව සහ චෙක් සමූහාණ්ඩුව අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා ඇත.

අන්තර්ජාතික වෙළෙද සහ සංවර්ධන උපායමාර්ගික අමාත්‍ය මලික් සමරවික්‍රම හා ශ්‍රී ලංකාවට පත්කර ඇති චෙක් සමූහාණ්ඩුවේ තානාපති මිලාන් හොවොර්කා මහත්වරුන් ගිවිසුමට අත්සන් තැබීය.

මේ ගිවිසුම යටතේ ක්‍රියාකාරී සැලැස්මක් සම්පාදනය කිරීමට අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා අපේක්ෂා කරනු ලැබේ. දෙරට අතර ආයෝජන ප්‍රවර්ධනය කිරීම මෙහි දී විශේෂයෙන් අවධාරණය කර තිබේ.

චෙක් සමූහාණ්ඩුවට ශ්‍රී ලංකා අපනයන ඉකුත් වසරේ දී දැක්වුණේ, අමෙරිකානු ඩොලර් මිලියන 55ක් පමණි. එය තවදුරටත් ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, එළවළු, දුම්කොළ, මුහුදු ආහාර ඇතුළු කේෂ්ත්‍ර ගණනාවක චෙක් සමූහාණ්ඩුවට ශ්‍රී ලංකා අපනයන සිදු කිරීමට ඉඩ ප්‍රස්ථා පවතින බව අනාවරණය වේ.

Exit mobile version