මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරේ කොවිඩ් ආසාදිතයින් ගණන 12,000 ඉක්මවා යයි

ඊයේ(12) දිනයේ හඳුනාගැණුනු නව ආසාදිතයින් 373 දෙනා සමග මෙරටින් වාර්තා වන සමස්ථ කොවිඩ් නයින්ටින් ආසාදිතයින් ගණන 15,722 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

 

ඊයේ දිනයේ දී හඳුනාගැණුනු නව ආසාදිතයින්ගෙන් 369 දෙනෙකු මේ වන විට කොවිඩ් නයින්ටීන් ආසාදනය වී සිටින ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වෙයි. අනෙක් සිව් දෙනා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් ලෙස හඳුනාගෙන තිබේ.

ඒ අනුව මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිත පොකුරේ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 12,000 සීමාව ඉක්මවා ගොස් ඇති අතර ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයින් සමග එහි සමස්ථ ආසාදිතයින් ගණන 12,226 දෙනෙකු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අතර ආසාදිතයින් 3106 දෙනෙක් මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල් පොකුරෙන් ද සෙසු 9120 පෑලියගොඩ මාළු වෙළෙඳපොළ පොකුරෙන් ද වාර්තා වී ඇත.

මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ථ කොවිඩ් නයින්ටීන් මරණ සංඛ්‍යාව 48 දක්වා ඉහළ ගොස් ඇත.

තවද, ආසාදිතයින් 5022 දෙනෙකු රෝහල්ගතව පූර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.

සමස්ථ කොවිඩ් ආසාදිතයින්ගෙන් 10,652 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

Exit mobile version