ජනපති අද ජාතිය අමතයි

අද රාත්‍රි 8.30ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබේ.

 

ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට හත්වැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම්දී අදට (18) වසරක් සපිරෙයි.

2019 නොවැම්බර් මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා වශයෙන් තරග කළ ගෝඨාභය රාජපක්ෂ මහතා ඡන්ද 6,924,255ක් ලබමින් ජයග්‍රහණය කළේය.

 

 

Exit mobile version