මහනුවර, දිගන ප්‍රදේශයේ සුළු කම්පන තත්ත්වයක්

අද(18) පෙරවරුවේ මහනුවර, දිගන ප්‍රදේශයේ සුළු කම්පන තත්ත්වයක් සිදු වී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය සදහන් කළේය.

 

එම කම්පන තත්ත්වය රික්ටර් පරිමාණ ඒකක 2.0 ක් පමණ වන බවත් අද පෙරවරු 9.28 ට පමණ එම කම්පන තත්ත්වය සිදු ව ඇති බවත් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය පැවසීය.

Exit mobile version