ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල මෙරට භාවිතයට සෞඛ්‍ය අංශවල අනුමැතිය

කොරෝනා වෙෙරසය අසාදනය වී තිබේද යන්න පරීක්ෂා කිරීම සඳහා ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල මෙරට භාවිතයට සෞඛ්‍ය අංශවල අනුමැතිය හිමිව ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සදහන් කළේය.

 

ඒ, අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ ”ඊයේ දවස තුළදී ප්‍රතිදේහ ජනක කඩිනම් පරීක්ෂණ කට්ටල එහෙම නැත්නම් ඇන්ටිජන් බේස් රැපිඩ් ඩයෝග්නස් ටෙස්ට් යන පරීක්ෂාව සිදු කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් අවශ්‍ය නිර්දේශ ලබා දුන්නා අනුමැතිය ලබාදුන්නා එය අද සිට හඳුනාගත් කණ්ඩායම් සඳහා මෙය පාවිච්චි කරනවා. ඒවගේම ප්‍රතිඵල විනාඩි 30 ක් වගේ කාලයක් තුළදී අපිට ලබාගන්න පුළුවන්” බවයි.

Exit mobile version