එල්.ටී.ටී.ඊ සැමරුම් තහනම් කරමින් අධිකරණ නියෝග

වව්නියාව සහ මන්නාරම ප්‍රදේශවල එල්.ටී.ටී.ඊ සැමරුම් පැවැත්වීම අත්හිටුවමින් එම අධිකරණ මගින් පුද්ගලයින් 13 දෙනෙකුට තහනම් නියෝග නිකුත්කර තිබේ.

 

පොලිසිය විසින් සිදුකළ ඉල්ලීමකට අනුව වව්නියාව සහ මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණ විසින් එම තහනම් නියෝග නිකුත් කර ඇති බව වාර්තා වේ.

මන්නාරම ප්‍රදේශයේ පුද්ගලයින් 5 දෙනෙකුට සහ වව්නියාව ප්‍රදේශයේ පුද්ගලයින් 8 දෙනෙකුට එරෙහිව මෙම තහනම් නියෝග නිකුත්කර තිබේ.

Exit mobile version