රිදියගම සෆාරි උද්‍යානයේ බිහි වූ සිංහ පැටවුන්

හම්බන්තොට, රිදියගම සෆාරි උද්‍යානයේ සිංහ ධේනුවක පැටවුන් තිදෙනෙකු ප්‍රසූත කර තිබෙන බව වාර්තා වෙයි.

 

අවුරුදු 9 ක් වයසැති ජර්මනියෙන් ලැබුණු සිංහ ධේනුවක මෙම පැටවුන් ප්‍රසූත කර ඇති බවත් සිංහ පැටවුන් තිදෙනා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ හේමන්ත සමරසේකර මහතා සඳහන් කළේය.

මෙම සිංහ ධේනුව පසුගිය වසරේ ද පැටවුන් සිව් දෙනෙකු ප්‍රසූත කර තිබෙන අතර මේ වනවිට සෆාරි සත්ත්වෝද්‍යානයේ සිංහ ගහණය 14 ක් දක්වා ඉහළ ගොස් ඇත.

Exit mobile version