ඊයේ දින හදුනාගත් කොවිඩි රෝගීන් ගණන 437 ක්

ඊයේ(20) දිනයේ තවත් නව කොරොනා ආසාදිතයින් 437ක් හඳුනා ගත් අතර ඔවුන් පෑලියගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයින් ය.

 

ඒ සමග මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 18,841 බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළේය..

වෛරසය ආසාදනයවීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 5865 ක් වන අතර කොරෝනා ආසාදිතයින් 316 දෙනෙකු ඊයේ සුවය ලැබූ හ.

ඒ සමග මෙරට සුවය ලැබූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 12903 කි.

මේ අතර මෙරට මෙතෙක් වාර්තා වන කොරෝනා මරණ ගණන 73ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Exit mobile version