ඊයෙත් වැඩිම කොවිඩ් ආසාදිතයින් ගණන කොළඹින්

ඊයේ (20) දිනය තුළ මෙරටින් කොවිඩ් නයින්ටීන් නව ආසාදිතයින් 439 දෙනෙක් වාර්තා වු අතර, ඉන් දේශීයව පුද්ගලයින් 435ක් හඳුනා ගෙන තිබේ.

 

ඊයේ දිනය තුළ වැඩිම කොවිඩ් ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනා ගෙන ඇති අතර එම සංඛ්‍යාව 160ක් බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

තවද, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 71ක් හා කළුතරින් ආසාදිතයින් 21ක් ද ලෙස වාර්තා වී ඇත.

ඊයේ දිනය වන විට මෙරට පූර්ණ සුවය ලැබු කොවිඩ් ආසාදිතයින් ගණන 19,279ක් වන අතර, රෝහල්ගතව සිටින ආසාදිතයින් ගණන 5,935ක්.

ඊයේ දිනයේ දී කොවිඩ් ආසාදිත මරණයක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 74ක් විය.

Exit mobile version