Home දේශීය පුවත් බස්නාහිර පළාත සහ හුදකලා ප්‍රදේශවල හැර සෙසු පාසල් අද සිට ඇරඹේ

බස්නාහිර පළාත සහ හුදකලා ප්‍රදේශවල හැර සෙසු පාසල් අද සිට ඇරඹේ

0
බස්නාහිර පළාත සහ හුදකලා ප්‍රදේශවල හැර සෙසු පාසල් අද සිට ඇරඹේ

බස්නාහිර පළාත සහ හුදකලා කරන ලද පොලිස් බලප්‍රදේශවල පිහිටි පාසල් හැර අනෙක් ප්‍රදේශවල පිහිටි සියලු රජයේ පාසල් 6 සිට 13 වන ශ්‍රේණී දක්වා අද(23) දිනයේ සිට විවෘත කෙරේ.

 

සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති චක්‍රලේඛ සහ මාර්ගෝපදේශවලට අනුව දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරමින් පාසල් විවෘත කරන ලෙස සියලු පළාත්, කලාප, කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට සහ විදුහල්පතිවරුන් වෙත දැනුම් දී ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවේ.

මේ අනුව පාසල් 5100ක පමණ අධ්‍යයන කටයුතු අද සිට යළි ඇරඹෙන අතර පුර්ණ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රවේද යටතේ සියලු පාසල් විවෘත කර තිබෙන බව අධ්‍යාපන බලධාරීන් සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version