මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 22,000 ඉක්මවයි

මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 22,028 දක්වා ඉහළ ගොස් තිබේ.

 

නව ආසාදිතයින් 553 දෙනෙකු ඊයේ හඳුනා ගත් අතර ඔවුන් සියලු දෙනා පෑලියගොඩ මත්ස්‍ය වෙළදපොල ආශ්‍රිතයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

මේ අතර තවත් කොරෝනා ආසාදිතයින් 369ක් ඊයේ දින පුර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගියේය.

ඒ අනුව කොරෝනා වැළදීමෙන් මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 15,816 කි.

ආසාදිතයින් සංඛ්‍යාව 6113 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.

Exit mobile version