කැන්ඩි ටස්කස් හා පැවති තරගයෙන් දඹුල්ල වයිකින්ග්ස් ජය ගනී

දඹුල්ල වයිකින්ග්ස් කණ්ඩායම ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණ 4කින් ජයග්‍රහණය කරනු ලැබිය.

 

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල වයිකින්ග් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 195ක් රැස් කළා. එහිදී නායක දසුන් ශානක පන්දු 37කදී වේගවත් ලකුණු 73ක් රැස් කළේය.

ලකුණු 196 ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි කැන්ඩි ටස්කස් කණ්ඩායම ඉනිම අතරතුර වර්ෂාවෙන් බාධා එල්ල වුනා. ඒ වන විට කැන්ඩි ටස්කස් කණ්ඩායම පන්දුවාර 9යි පන්දු 4කට මුහුණ දී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 84ක් රැස්කරගෙන තිබිණි.

වර්ෂාව හේතුවෙන් තරඟය අතහැර දමන විට ඩක්වත් ලුවිස් න්‍යායට අනුව දඹුල්ල වයිකින්ග් කණ්ඩායම ලකුණු 4ක ජයක් හිමි කර ගත්තේය.

දසුන් ශානක තරගයේ වීරයා බවට පත් විය.

Exit mobile version