Home දේශීය පුවත් ත්‍රෛපාර්ශවික ආරක්ෂක සමුළුව කොළඹදී (ඡායාරූප)

ත්‍රෛපාර්ශවික ආරක්ෂක සමුළුව කොළඹදී (ඡායාරූප)

0
ත්‍රෛපාර්ශවික ආරක්ෂක සමුළුව කොළඹදී (ඡායාරූප)

ඉන්දියානු සාගර කලාපය වෙත අවධානය යොමු කරමින්, සමුද්‍රීය ආරක්ෂක සහයෝගිතාව අරමුණු කර ගත් ත්‍රෛපාර්ශවික ආරක්ෂක සමුළුව ඊයේ(28) කොළඹදී පැවැත්විණි.

 

ඊට එක්ව සිටියේ ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ මාලදිවයිනයි.

රටවල් තුනේ ආරක්ෂක ප්‍රධානීන් මෙම සමුළුවට සහභාගී විය.

ඒ, ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල්, මාලදිවයිනේ ආරක්ෂක අමාත්‍ය මාරියා දි සහ ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න යන මහත්ම මහත්මීන්ය.

මොරිෂස් සහ සීෂෙල්ස් යන රටවල් නියෝජනය කරමින් ද ආරක්ෂක අංශ ප්‍රධානීන් නිරීක්ෂණ මට්ටමෙන් මෙම සමුළුවට සහභාගි විය.

සමුද්‍රීය ආරක්ෂක සහයෝගිතාව අරමුණු කර ගත් මෙම සමුළුවේදී ඉන්දියානු සාගර කලාපයේ පරිසර දූෂණය, ආපදා කළමනාකරණය, ඒකාබද්ධ මෙහෙයුම් හා සමුද්‍රීය උරුම පිළිබඳව යොමු වූයේ වැඩි අවධානයකි.

කලාපයේ සාමය සහ ආරක්ෂාව සහතික කිරීම සඳහා රටවල් අතර සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීමට මෙහිදී එකඟ වූ බව ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

සමුළුවේදී ගත් තීරණ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා නියෝජිත ප්‍රධානීන් නිරන්තරයෙන් රැස්වීමට ද මෙහිදී එකඟතාව පළ වී තිබේ.

එයාර් බබ්ල් සංකල්පයට අනුව දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව මේ සමුළුව සඳහා ආරාධිතයින් සහභාගී වූ බව ද සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version