මහර බන්ධනාගාරයේ සිදු වූ මරණ 8 දක්වා ඉහළට

මහර බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 8ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

මේ අතර මහර බන්ධනාගාරයේ රැඳවියන්ගේ භාරයට ගත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ තත්ත්වය අසාධ්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.

ඊයේ[29] දිනයේ මහර බන්ධනාගරයේ ඇති වූ කලහකාරී තත්ත්වය හේතුවෙන් රැඳවියන් 43ක් රෝහල්ගත කර තිබේ.

මේ වන විට මහර බන්ධනාගාරය අවට ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් යොදා තිබේ.

Exit mobile version