Home දේශීය පුවත් ඊයේ දිනයෙත් වැඩිම කොවිඩ් රෝගීන් වාර්තා වූයේ කොලඹින්

ඊයේ දිනයෙත් වැඩිම කොවිඩ් රෝගීන් වාර්තා වූයේ කොලඹින්

0
ඊයේ දිනයෙත් වැඩිම කොවිඩ් රෝගීන් වාර්තා වූයේ කොලඹින්

ඊයේ(30) දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 503ක් වාර්තා වි තිබේ.

 

ඉන් 496ක් දේශීයව, විදෙස්ගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් 6 දෙනෙක් හා විදෙස්ගත මුහුදු ආරක්ෂක නිලධාරියෙකු වන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඊයේ දිනයේ දීත් වැඩිම දෛනික ආසාදිතයින් ගණනක් 147ක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 130 ක් හා මහනුවරින් ආසාදිතයින් 41ක් හඳුනාගෙන තිබේ.

මේ වන විට රෝහල්ගත ආසාදිතයින් ගණන 6,309 ක් වන අතර ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 58ක පුද්ගලයින් 6,204ක් නිරෝධායනය වෙමින් ඇත.

ඊයේ දිනය තුළ පීසීආර් පරීක්ෂණ 12,031ක් සිදුකර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version