රෝහලෙන් පැනගිය රැඳවියා අත්අඩංගුවට

මහර බන්ධනාගාර සිද්ධියෙන් තුවාල ලබා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී පළාගිය රැඳවියා සොයා ගෙන තිබේ.

 

අද (03) උදෑසන ඔරුගොඩවත්ත ප්‍රදේශයේ දී රැඳවියා බන්ධනාගාර නිලධාරීන් භාරයට ගෙන තිබේ.

ඊයේ (02) රාත්‍රීයේ එම රැඳවියා රෝහලෙන් පැනගොස් ඇත.

පසුගිය දා මහර බන්ධනාගාරයේ ඇති වූ මෙම සිද්ධියෙන් රැඳවියන් 11 දෙනෙකු මියගොස් තිබුණි.

Exit mobile version