Home විදෙස් පුවත් දෙවන එලිසබත් රැජිනගෙන් පසු පොදු රාජ්‍ය මණ්ඩලයේ නායකත්වය පිළිබදව රහසිගත සාකච්ඡාවක්

දෙවන එලිසබත් රැජිනගෙන් පසු පොදු රාජ්‍ය මණ්ඩලයේ නායකත්වය පිළිබදව රහසිගත සාකච්ඡාවක්

0
දෙවන එලිසබත් රැජිනගෙන් පසු පොදු රාජ්‍ය මණ්ඩලයේ නායකත්වය පිළිබදව රහසිගත සාකච්ඡාවක්

දෙවන එලිසබත් රැජිනගෙන් පසු පොදු රාජ්‍ය මණ්ඩලයේ නායකත්වය පිළිබදව රහසිගත සාකච්ඡාවක් පැවැත්වුණ බව විදෙස් මාධ්‍ය වාර්තා ක‍රයි.

රැජිනගේ මරණයෙන් පසු පොදු රාජ්‍ය මණ්ඩලයේ නායකත්වය ප්‍රවේණි උරුමයෙන් චාල්ස් කුමරුට නොලැබෙන බව සඳහන් ය.

එවැනි පසුබිමක් යටතේ එම ජාත්‍යන්තර සංවිධානය පාලනය කළ යුතු අකාරය සාකච්ඡා කිරීම සඳහා පොදු රාජ්‍ය මණ්ඩලය විසින් ඉහළ මට්ටමේ කණ්ඩායමක් පත් කරනු ලැබ ඇති අතර පොදු රාජ්‍ය මණ්ඩලයීය මහලේකම් කාර්යාලය සහ එහි පාලකයන් පිළිබදව තීරණ ගැනීමට එකී කණ්ඩායම නිල වශයෙන් රැස්වීමට නියමිතය.

මෙම වසරේ අප්‍රේල් මස සිය 92 වැනි උපන්දිනය සමරන රැජින හදිසියේ මියගියහොත් පොදු රාජ්‍ය මණ්ඩලයේ ඉදිරි නායකත්වය පිළිබදව එහිදී සාකච්ඡා කෙරෙනු ඇත.

අප්‍රේල් මස ලන්ඩන් නුවර පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවේදී රාජ්‍යය නායකයින් හමුවට මෙම ප්‍රශ්නය රැගෙන යාමට එකී කණ්ඩායම අපේක්ෂා කරන අතර, එය බොහෝ විට රැජින සහභාගී වන අවසාන පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව විය හැකිය.

මේ අතර පොදු රාජ්‍ය මණ්ඩලයේ ලේකම්වරයා මෙම වාර්තා ප්‍රතික්ෂේප කරමින් එවන් කිසිදු සාකච්ඡාවක් නොපැවැත්වුණු බව පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version