Home ක්‍රීඩා පුවත් ජැෆ්නා ස්ටැලියන්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් LPL අවසන් තරඟයට

ජැෆ්නා ස්ටැලියන්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් LPL අවසන් තරඟයට

0
ජැෆ්නා ස්ටැලියන්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් LPL අවසන් තරඟයට

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟය අද රාත්‍රියේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සහ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම් අතර පැවැත්වේ.

 

මූලික වටයේදී තරඟ 5ක්ම ජයගනිමින් විශිෂ්ට දස්කම් පෑ දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු දඹුල්ල වයිකිං පිලේ ජයග්‍රාහී ගමන නතර කළ තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුතු ජැෆ්නා ස්ටැලියන්ස් පිල හම්බන්තොට මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැති එල්පීඑල් දෙවැනි අවසන් පූර්ව තරගයේදී ලකුණු 37ක ජයක් ලබා අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට සමත් විය.

විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ වනිඳු හසරංග සිය ඕවර 4දී නොඉඳුල් ඕවරයක් ද සමග කඩුලු 3ක් දවාලීමට සමත්වූයේ තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා ලෙස කඩුලු 16කට හිමිකම් කියමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version