Home දේශීය පුවත් මෙරට කොරෝනා මරණ ගණන 219ක් දක්වා ඉහළට

මෙරට කොරෝනා මරණ ගණන 219ක් දක්වා ඉහළට

0
මෙරට කොරෝනා මරණ ගණන 219ක් දක්වා ඉහළට

ඊයේ දිනයේ තවත් කොරෝනා මරණ 2ක් වාර්තා විය.

 

01. දෙහිවල ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ සිටි කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයට මාරු කර යවා ඇති අතර එම රෝහලේදී ඊයේ (06) මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ ලේ විෂවීම, වකුගඩු ආසාදනය සහ කොවිඩ් නියුමෝනියාවයි.

02. අලව්ව ප්‍රදේශයේ පදිංචිව සිටි 78 හැවිරිදි කාන්තාවකි. කුරුණෑගල ශික්ෂණ රෝහලේ සිටි කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු නාරම්මල දිස්ත්‍රික් රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේදී ඊයේ (06) මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්-19 ආසාදනය සමග උග්‍ර දියවැඩියාව, හෘදයේ අක්‍රීයවීම සහ උග්‍ර ශ්වසන පද්ධතියේ ආසාදනයයි.

ඒ අනුව මෙරට කොරෝනා මරණ ගණන 219ක් දක්වා ඉහළ ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version