කෑගලුගම දී බස්රථයක් ඇළකට පෙරළෙයි

අද(09) උදෑසන ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවකයින් පිරිසක් රැගත් බස්රථයක් පුලස්තිපුර, කෑගලුගම ප්‍රදේශයේ දී පරාක්‍රම සමුද්‍රයට සම්බන්ධිත ඇළකට පෙරළී තිබේ.

 

අනතුරින් පුද්ගලයින් 30කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇත.

රියදුරුට බස්රථය පාලනය කරගත නොහැකිව ඇළ මාර්ගයට පෙරළී ඇති අතර අනතුරෙන් තුවාල ලැබු පිරිස පොළොන්නරුව සහ පුලස්තිපුර රෝහල් වෙත ඇතුළත් කර තිබේ.

අනතුර සම්බන්ධයෙන් පුලස්තිපුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Exit mobile version