විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයෙකු ලෙස පත් කෙරේ

විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් මහතා කොවිඩ් 19 වසංගතය වැළැක්වීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ විශේෂ නියෝජිතයෙකු ලෙස පත් කර තිබේ.

 

මහජන සෞඛ්‍ය පිළිබඳ විශේෂඥයෙකු වන ඒ මහතා ජිනිවා සහ දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ මෙන්ම මහජන සෞඛය පිළිබඳ හාවඩ් විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය ලබා තිබේ.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිවරයෙකු වන විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකි.

Exit mobile version