දකුණු අප්‍රිකානු කණ්ඩායම වසර 14කට පසු පාකිස්තානයේ තරග සංචාරයකට

දකුණු අප්‍රිකානු කණ්ඩායම පාකිස්තානයේ තරග සංචාරයකට වසර 14කට පසු නිරත වීමට නියමිතව තිබේ.

 

ඒ සඳහා ක්වින්ටන් ඩීකොක්ගේ නායකත්වයෙන් යුත් 21 දෙනෙකුගෙන් සමන්විත ටෙස්ට් සංචිතය පසුගියදා නිවේදනය කළේය.

ඒ අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායම එළඹෙන සිකුරාදා විශේෂිත ගුවන් යානයකින් පාකිස්තානය බලා පිටත්ව යාමට නියමිත අතර ඔවුන් කරච්චි හිදී නිරෝධානයට යොමු වීමෙන් පසු පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිතය.

දෙරට අතර ටෙස්ට් තරගාවලිය ජනවාරි මස 26 වැනිදා කරච්චි ක්‍රීඩාංගනයේදී ආරම්භ වන අතර විස්සයි විස්ස තරගාවලිය ආරම්භ වන්නේ පෙබරවාරි 11 වැනිදාය.

Exit mobile version