මෙරට කොරෝනා මරණ ගණන 247ක් දක්වා ඉහළට

අද (14) උදෑසන වන විට මෙරටින් කොවිඩි රෝගීන් 692ක් හදුනාගෙන තිබේ.

 

ඊයේ දිනයේත් වැඩ්ම රෝගීන් ගණනක් වාර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

ඒ රෝගීන් 223කි.

ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 119ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 112ක් ද අනෙක් 233දෙනා සෙසු දිස්ත්‍රික්ක වලින් වාරතා විය.

මෙරට වෙෙරසය ආසාදනය වූ රෝගින් ගණන 46435ක් වන අතර ඉන් පුද්ගලයින් 40509ක් පුර්ණ ලෙස සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.

ඊයේ දිනයේ තවත් කොරෝනා මරණ 3ක් වාර්තා විය.

ඒ අනුව මෙරට කොරෝනා වැළදීමෙන් සිදුවූ මරණ ගණන 247ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද උදෑසන වන විට රෝහල් ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථන වල රෝගීන් 6718ක් තවදුරටත් ප්‍රතිකාර ලබයි.

ඊයේ දිනයේ මෙරට තුළ PCR පරීක්ෂණ 14329ක් සිදු කර තිබේ.

මේ අතර ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන මධ්‍යස්ථාන 81ක් තුළ පුද්ගලයින් 6703ක් නිරෝධායනය වෙම්න් සිටි.

Exit mobile version